DFCC බැංකුවේ වෙබ් අඩවිය BestWeb.lk සම්මාන උළෙලේදී සම්මාන 3 කින් පිදුම් ලබයි | සිළුමිණ

DFCC බැංකුවේ වෙබ් අඩවිය BestWeb.lk සම්මාන උළෙලේදී සම්මාන 3 කින් පිදුම් ලබයි

2022 මැයි 17 කොළඹ: පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට සම්මාන 3 ක් හිමි විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල 2009 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙවර සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ විශිෂ්ටතම බැංකු සේවා වෙබ් අඩවිය (රන් සම්මානයක් පිරිනැමීම සිදු නොකෙරිණි), විශිෂ්ටතම සිංහල භාෂා වෙබ් අඩවිය (සමස්ත) සහ විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය (සමස්ත) යන කාණ්ඩ වල රිදී සම්මාන DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත හිමි විය. මෙරට වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීම DFCC බැංකුව දැක්ම වන අතර, එම උත්සාහයේ කොටසක් වශයෙන් DFCC වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙන, පහසුවෙන් භාවිතා කළ හැකි, කාර්යක්ෂම හා වේගවත් වෙබ් අඩවියක් ලෙස නිර්මාණය කර තිබේ. මේ නිසා DFCC වෙබ් අඩවිය මෙරට බැංකු ක්ෂේත්‍රයේ බෙහෙවින් කැපීපෙනෙන වෙබ් අඩවියක් බවට පත් වී ඇත.සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ගනුදෙනුකරුවන්ට වඩාත් පරිපූර්ණ සේවාවක් සපයන අතිනවීන හා පහසුවෙන් භාවිතා කළ හැකි වෙබ් අඩවියක් ලෙස සැලසුම් කර තිබීම, DFCC බැංකුවේ වෙබ් අඩවිය වෙත මේ ආකාරයට BestWeb.lk සම්මාන හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය.

Comments