හච් හරිකේන් ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි | සිළුමිණ

හච් හරිකේන් ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් හරිකේන් හි පළමු සහ දෙවන සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී. මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැක. හච් හරිකේන්Ó වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන ගාස්තු රහිත වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ් කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි. හච් ජයග්‍රාහකයින්ට සිය හෘදයාංගම සුභපැතුම් එක්කළ අතර, මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ වටිනා ත්‍යාග පිරිනමමින් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම පිළිබඳව ජයග්‍රාහකයින් සිය කෘතඥතාව පළ කළහ.

Comments