
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී සිදුකළ ‘ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය’ තුළින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝ ග්රෑම් 745 ක් හෙවත් රාත්තල් 7,200 ක කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැළැක්වු අතර මෙය ගස් 235 ක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ.
මේ සමඟ, සමාගම විසින් මෙම වැඩසටහන මගින් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙට්‍රික් ටොන් 1.7 ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වළක්වා තිබේ.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සංගමය (Green Club) විසින් ආරම්භ කළ වැඩසටහනක් වන අතර මෙමගින් සමාගමේ සියලු මට්ටම්වල සේවකයින්ගේ නිවෙස් තුළ සහ සමාගමේ ශාඛා තුළ භාවිතා කළ නොහැකි ඉලෙට්‍රොනික උපකරණ එකතු කර සමාගමේ ප්‍රධාන මූලස්ථානයට රැගෙන එන ලදී. මෙම ඉලෙක්ට්‍රානික උපකරණ පරිසරයට මුදාහැරියා නම් පරිසරයට මෙන්ම පෘතුවියටද හානියක් සිදුකරනු ඇත.