යාපනය, කුරුණෑගල, මීගමුවටත් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන | Page 2 | සිළුමිණ

යාපනය, කුරුණෑගල, මීගමුවටත් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන

මෙරට බජාජ් වාහන හිමියන්‌ගේ පහසුව තව දුරටත් තහවුරු කරමින් බජාජ් ජෙනුයින් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන කුරුණෑගල, යාපනය සහ මීගමුව යන නගරවලද විවෘත කිරීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා කටයුතු කළේය.

කුරුණෑගල, පුත්තලම පාර, අංක 226, කෝකුවිල් නැගෙනහිර, බ්‍රවුන් පාර අංක 405 සහ මීගමුව, කොළඹ පාර, අංක 394 යන ස්ථානවල නව බජාජ් ජෙනුයින් අමතර කොටස් අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් රථ සහ KTM මෝටර් සයිකල් සදහා අවශ්‍ය ජෙනුයින් අමතර කොටස් සහ බජාජ් ජෙනුයින් ඔයිල්, ඔරායන් සහ MRF ටයර්, DP Accessories ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් අලංකරණ උපාංග මෙන්ම මෝටර් රථ, SUV සහ වෙළෙඳ වාහන සඳහා හඳුන්වාදුන් ඇට්ලස් ටයර්ද මෙම නව අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානවලින් ඉතා පහසුවෙන් මිලදී ගත හැකිය.

 

Comments