පැල්වත්ත සමාගමෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට සම්මන්ත්‍රණ | සිළුමිණ

පැල්වත්ත සමාගමෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට සම්මන්ත්‍රණ

පැල්වත්ත සමාගම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා, ජීවනෝපායන් නඟා සිටුවීමේ පැල්වත්ත ආයතනික දර්ශනය ඉදිරියට ගෙන යාමේ අරමුණින් මෙය සිදු කරන ලදී. මාර්තු මස අවසන් සතියේ ආරම්භ වූ සම්මන්ත්‍රණ මාලාව 2022 අප්‍රේල් 1 වැනි සතියෙන් අවසන් විය. සම්මන්ත්‍රණවලදී විශේෂයෙන් ගණිතය කෙරෙහි අවධානය යොමු කරන ලද්දේ සිසුන් බොහෝ දෙනෙකු එම විෂය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වූ හෙයිනි. අවශ්‍ය අවස්ථාවේදී මෙම සිසුන්ට උපකාර කිරීමට මුලපිරීම මගින් පැල්වත්ත, වගකිවයුතු සන්නාමයක් බවට පත්විය. ශිෂ්‍යයෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවධියක් ලෙස මෙන්ම අධ්‍යාපනයේ සංධිස්ථානයක් ලෙස සා/පෙළ සැලකෙන නිසා මෙම වැඩසටහන ඒ උදෙසා ආරම්භ කරන ලදී. පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා පැවසුවේ “පැල්වත්ත සමාගම අපගේ ප්‍රජාවට මනාව සලකන බව සහතික කිරීමට හැකි ඕනෑම දුරකටම යාමට සූදානම් සන්නාමයක් බවයි. ඊළඟ පරම්පරාව ඔවුන්ගේ අධ්‍යාපනය ගැන මනා දැනුමක් ඇති අය බවට සහතික කිරීම මෙහිදී ප්‍රධාන වේ.”

Comments