ආර්ථික දුෂ්කරතා සහිත පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් | සිළුමිණ

ආර්ථික දුෂ්කරතා සහිත පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක්

වෙසක් සතිය නිමිත්තෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා සහිත පවුල් පන්සීයක් සඳහා රුපියල් ලක්ෂ 15ක් වටිනා වියලි ආහාරද්‍රව්‍ය බෙදා දීමේ වැඩ සටහනක් පසුගිය දා පැල්මඩුල්ල පහළ බෝපිටිය ශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි. වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව පැල්මඩුල්ල පහළ බෝපිටිය ශ්‍රී රත්නාරාම විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වවේ රත්නපුර මහ දිසාවේ අධිකරණ සංඝනායක ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වටගෙදර ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම හා සංවිධායකත්වය යටතේ Ò ශ්‍රී සරණංකර ද්වී භාෂා පිරිවෙන,ශ්‍රී ඤානානන්ද දහම් පාසල,⁣ රත්නාරාම හා මොරතොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථ දායක සභාව, තරුණ ප්‍රජාව විසින් සංවිධානය කළ මෙම වෛශාඛ්‍ය මංගල්‍යයÓ පසුගිය පහලොස්වැනිදා ආරම්භ විය.

වෙසක් උළෙල සඳහා දකුණු කොරියාව,තායිලන්තය හා මැලේසියාව යන රටවල වටගෙදර ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ හිතවත් නායක හාමුදුරුවන් වහන්සේලා සහ හිතවතුන් මූල්‍යමය අනුග්‍රහය ලබා දී ඇත.

Comments