සාමාන්‍ය පෙළට ප්‍රවාහන පහසුකම් | සිළුමිණ

සාමාන්‍ය පෙළට ප්‍රවාහන පහසුකම්

මැයි මස 23 වැනි සඳුදා සිට ආරම්භ වන අ.පො.ස සමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොඅඩුව සැපයීමට ලංකා ගමනාගමන මණ්ඩලය හා ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කටයුතු කරන බව තමාට දැනුම් දුන් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන සිළුමිණට පැවැසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ විභාග අපේක්ෂකයින් හැකි ඉක්මනින් විභාග ශාලා සඳහා පැමිණීමට කටයුතු කරන ලෙසත්, යම් සිසුවෙකුට තමන්ට නියමිත විභාග ශාලාව සඳහා පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් හැකි ඉක්මනින් 0112784208, 0112784537 හෝ 1911 ක්ෂණික දුරකතන අංකය හෝ එසේත් නැතිනම් පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හෝ දැනුම්වත් කරන මෙන් ඉල්ලා සිටියි. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට විභාග අපේක්ෂකයින් 5,17,496 ක් පෙනී සිටින අතර, විභාග මධ්‍යස්ථාන 3844 ක්ද, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 542 ක්ද ක්‍රියාත්මක වෙයි. කොවිඩ් රෝගි අපේක්ෂකයින්, කොවිඩ් ආශ්‍රිතයින් හා උණ රෝගීන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකට වෙනම කාමරයක් වෙන්කර ඇත.

Comments