රට පුරා ගෑස් බෙදා හැරීම පියවරෙන් පියවර ඇරැඹේ | සිළුමිණ

රට පුරා ගෑස් බෙදා හැරීම පියවරෙන් පියවර ඇරැඹේ

කුත් සති ගණනාවක් මුළුල්ලේ දැඩි ලෙස උග්‍රව පැවැති ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම පියවරෙන් පියවර වෙළෙඳ පොළට ගෑස් බෙදාහරිමින් පවතී. මේ වන විටත් ගැස් නැව් 3ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඒ යටතේ දිනකට ගෑස් සිලින්ඩර් 80,000ක් බෙදාහැරීම ඉකුත් සිකුරාදා සිට ඇරැඹිණි. මේ ඉකුත් 20 වෙනි සිකුරාදා පස්වරුවේ මරදාන මාලිගාකන්දේ වයිට් පාක් හිදී දැඩි ආරක්ෂාව මධ්‍යයේ දහසකට ආසන්න ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් එහි මහල් නිවාස වැසියන්ට බෙදා දුන් අයුරු සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේ විසින් කැමරාවට අසු කරගත් අන්දමයි.

Comments