නව කැබිනට් ඇමතිවරු 9ක් | Page 2 | සිළුමිණ

නව කැබිනට් ඇමතිවරු 9ක්

ව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් පසුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ලෙසත්, හරින් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් ඇමති ලෙසත්, ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ.

කෙහෙළිය රඹුක්වැල්ලට මෙවරද සෞඛ්‍ය ඇමති ධුරය හිමි වූ අතර නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවුක හා ගුවන් සේවා ඇමැතිවරයා ලෙසත්, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත ඇමැති ලෙස හා මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා ඇමති ලෙසත් දිවුරුම් දුන්හ. නලින් ප්‍රනාන්දු වෙ‍ෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති වශයෙන් දිවුරුම් දෙන ලදී.

පසුගිය 14 වැනිදා දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වශයෙන්ද, මහාචාර්ය ජී. ඇල්. පීරිස් විදේශ කටයුතු ඇමැති වශයෙන්ද, ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස ඇමැති වශයෙන්ද, කංචන විජේසේකර විදුලි බල හා බලශක්ති ඇමැති වශයෙන්ද දිවුරුම් දුන් අතර මේ වන විට කැබිනට් ඇමැතිවරු 13 දෙනෙකු දිවුරුම් දී ඇත.

Comments