ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක හදිසි වෛද්‍ය ආධාර | Page 2 | සිළුමිණ

ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක හදිසි වෛද්‍ය ආධාර

ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ ආධාර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වයක් යුනිසෙෆ් ආයතනය හරහා ලබාදීමට ජපන් රජය තීරණය කර තිබේ.

ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ හිඟතාවයට මුහුණ දී ඇති ශ්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවයක් සේ සලකා මේ සහනය ලබා දීමට ජපන් රජය ඉදිරිපත්ව සිටී.

ජපානය විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක දායකත්වය යටතේ මිලියන 1.2 කට අධික මුදලකට ඖෂධ සපයා ගැනීමට යුනිසෙෆ් ආයතනයට හැකියාව ලැබේ. ඒ යටතේ ප්‍රමුඛතාව ලැබෙන්නේ ගැබිනි කාන්තාවන් සහ ළදරුවන් සිටින මව්වරුන් වෙනුවෙනි. කඩිනමින් අවශ්‍ය ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙකක කාලය තුළදී සපයා ගැනීමට හැකි වනු ඇත.

Comments