මන්ත්‍රී අම­ර­කී­ර්තිගේ අමා­නු­ෂික ඝාත­නය | සිළුමිණ

මන්ත්‍රී අම­ර­කී­ර්තිගේ අමා­නු­ෂික ඝාත­නය

 

කුත් නව වැනිදා රටම බිලි­ගත් ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් ජීවිත 9ක් අහිමි වී ගියේය. ඒ අත­රට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක්ද අයත් විය. ඔහු 2020 වසරේ ප්‍රථම වතා­වට පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට පැමිණි අම­ර­කීර්ති අතු­කෝ­රල මන්ත්‍රී­ව­ර­යායි. හිටපු අග­මැ­ති­ව­රයා දැක­බලා ගැනී­මට අර­ලි­ය­ගහ මන්දි­ර­යට පැමිණ යමින් සිටි අම­ර­කීර්ති අතු­කෝ­රල ගම­න්ගත් රථය නිට්ට­ඹුව නග­ර­යේදී කොටු වී තිබුණේ එදා ප්‍රචණ්ඩ ලෙස හැසි­රුණ පිරි­ස්හ­ටය.

ඒ මොහොතේ දහස් ගණ­නක් දෙනා රැස්ව මන්ත්‍රී­ව­ර­යාගේ කණ්ඩා­ය­මට විරෝ­ධය පළ කිරී­මත් සමඟ මන්ත්‍රී­ව­රයා ඇතුළු පිරිස පවසා තිබුණේ විවාහ මංගල උත්ස­ව­ය­කට සහ­භා­ගිවී යන බවයි.

අන­තු­රුව ප්‍රච­ණ්ඩ­කා­රී­න්ගෙන් ගැල­වී­මක් නොමැති තැන මන්ත්‍රී­ව­ර­යාගේ ආර­ක්ෂ­ක­යෙක් විසින් වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරී­මත් සමඟ තත්ත්වය උත්සන්න වී තිබිණි. එම වෙඩි ප්‍රහා­ර­යෙන් තිදෙ­නෙක් තුවාල ලැබූ අතර ඒ අතර සිටි මීරි­ගම, කල්එ­ළියේ පදිංචි හර්ෂ නදී­ෂාන් ජය­වීර නමැති 27 හැවි­රිදි තරු­ණ­යා මිය ගියේය.

අන­තු­රුව මන්ත්‍රී­ව­රයා සහ ආර­ක්ෂක නිල­ධාරි පොලිස් සැර­යන් අහං­ගම විතා­ර­ණ­ලාගේ ජයත්ත ගුණ­ව­ර්ධන ගිනි අවි­යක්ද අතැ­තිව නිට්ට­ඹුව නගර මධ්‍යයේ පදික වේදි­කාවේ දිව යන ආකා­රය සීසී­ටීවී කැම­රා­ව­කද සට­හන් වී තිබිණි. කෙසේ හෝ එලෙස දිව ගිය මන්ත්‍රී­ව­රයා සහ ආර­ක්ෂක නිල­ධා­රියා නිට්ට­ඹුව නග­රයේ සුප්‍ර­සිද්ධ රෙදි­පිළි වෙළෙ­ඳ­ස­ලක් වන නිහාල් ෆැෂන් ඉදි­රි­පිට මර­ණ­යට පත්ව සිටි­යේය.

58 හැවි­රිදි දෙදරු පියකු වන අම­ර­කීර්ති මන්ත්‍රී­ව­ර­යාගේ මර­ණය පිළි­බඳ සැණින් වාර්තා වෙද්දී රට­පුරා පැතිර ගියේ පොළො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රල නිට්ට­ඹුව නගර මධ්‍යයේ සිය­දිවි නසා­ගෙන ඇති බවයි. එලෙස ‘සිය­දිවි නසා ගැනී­මක්‘ ලෙස අර්ථ දක්ව­මින් පුවත් මැවු­ණද මන්ත්‍රී­ව­ර­යාගේ මළ­සි­රුර පිළි­බඳ සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය අනුව එය පහ­ර­දී­මක් නිසා සිදුවූ ඝාත­න­යක් බවට තහ­වුරු විණි.

ඉතා අමා­නු­ෂික ලෙස ඝාත­නය වී සිටි මන්ත්‍රී­ව­ර­යාගේ සහ ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ ඇඳි­වතද ඉව­ත්කොට තිබූ අතර දෙදෙ­නාගේ මළ­සි­රුරු එම රෙදි­පිළි වෙළෙ­ඳ­සල ඉදි­රි­පිට පැය ගණ­නා­වක් තිබූ බවත් සැල වේ.

මෙකී ඝාත­න සිදු­වීම පිළි­බ­ඳව නිට්ට­ඹුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කේ. පී. ඩී. අබේ­ර­ත්නගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ ඇරැ­ඹී­මත් සමඟ පසුදා එනම් ඉකුත් 10 වැනිදා අලු­යම අත්ත­න­ගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා‌ ෙකරිණි.

පසු එහි අංක 02 මහේ­ස්ත්‍රා­ත්ව­රිය මළ­සි­රුරු තිබූ ස්ථාන­යට ගොස් නිරී­ක්ෂණ කට­යුතු සිදු­කොට වතු­පි­ටි­වල මූලික රෝහ­ලට ගොස් එහිදී මිය­ගොස් සිටි මීරි­ගම තරු­ණ­යාගේ සිරු­රද පරීක්ෂා කර බලා තිදෙනා ගැනම පශ්චාත් මරණ පරී­ක්ෂණ පැවැ­ත්වීම සඳහා නියෝග කළාය.

අන­තු­රුව වතු­පි­ටි­වල මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි රමේෂ් අල­ගි­ය­වන්න සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යෙන් හෙළි වූයේ අම­ර­කීර්ති අතු­කෝ­රල මන්ත්‍රී­ව­රයා මිය­ගොස් ඇත්තේ අධික ලෙස පහර දීමෙන් ඔහුගේ සිරුරේ අස්ථි බිඳි යාමෙන් වූ අභ්‍ය­න්තර රුධිර වහ­නය නිසා­වෙන් බව­ටයි. විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා නිකුත් කළ වෛද්‍ය වාර්තා­වෙන් වැඩි­දු­ර­ටත් හෙළි කර තිබුණේ මන්ත්‍රී­ව­ර­යාගේ සිරුරේ බහු­විධ තුවාල අධික ප්‍රමා­ණ­යක් තිබූ බව­ටයි.

ඒ අතරේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි රමේෂ් අල­ගි­ය­වන්න විසින් මන්ත්‍රී­ව­රයා සම­ඟම මිය­ගොස් සිටි ආර­ක්ෂක නිල­ධාරි සැර­යන් ජයන්ත ගුණ­ව­ර්ධ­නගේ මළ­සි­රුර පිළි­බඳ සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේ­දීද හෙළි වී තිබුණේ සැර­ය­න්ව­රයා මිය­ගොස් ඇත්තේ පපු ප්‍රදේ­ශ­යට එල්ල කළ වෙඩි ප්‍රහා­ර­ය­කින් එම වෙඩි උණ්ඩය ඔහුගේ පෙන­හැල්ල හරහා ගමන් කර­මින් සිරුර පසාරු කර පිටව යාම නිසාත් ඔහුට පහ­ර­දී­මෙන් හිස්ක­බල පුපුරා යාමෙන් මොළ­යට රුධි­රය වහ­නය වීමෙන් බව­ටයි. එසේම පොලිස් සැර­ය­න්ව­ර­යාගේ සිරු­රේද බහු­විධ තුවාල රැසක්ම ඇති බවත් එම වෛද්‍ය වාර්තාවේ සඳ­හන් වේ.

ඒ අනුව මන්ත්‍රී­ව­රයා සහ ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ මරණ පිළි­බ­ඳව පැතිර ගිය සිය­දිවි නසා ගැනීමේ පුවත අස­ත්‍ය­යක් බවට මනා ලෙස තහ­වුරු විණි.

ජනතා නියෝ­ජි­ත­යෙක් ලෙස දිගු ගම­නක් යාමට සිටි අම­ර­කීර්ති අතු­කෝ­රල මන්ත්‍රී­ව­ර­යාගේ මර­ණය පිළි­බ­ඳව පවුලේ අය­ව­ලුන් මෙන්ම ප්‍රදේ­ශ­වා­සීන්ද මහත් කම්පා­වට වූයේ ඔහු පොලො­න්න­රුව ජන­තා­වගේ හොඳ හිත දිනා සිටි මන්ත්‍රී­ව­ර­යෙක් වූ හෙයිනි.

 

 

Comments