Mahindra IDEAL Finance 20 වැනි ශාඛාව කුලියාපිටියේදී විවෘත කරයි | සිළුමිණ

Mahindra IDEAL Finance 20 වැනි ශාඛාව කුලියාපිටියේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන Mahindra IDEAL Finance හි 20 වැනි ශාඛාව පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී විවෘත කරන ලදී. කුලියාපිටිය යනු වයඹ පළාතේ ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාට වාණිජමය වශයෙන් අතිශය වැදගත් නගරයකි. Mahindra IDEAL Finance ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම නවතම ශාඛාව කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබේ.

අංක 26, මාදම්පේ පාර, කුලියාපිටිය යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

“විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් නිර්මාණශීලී මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට අප සෑම විටම උත්සාහ කරනවා. මේ සඳහා රට පුරා ආර්ථික හා වාණිජමය වශයෙන් වැදගත් වන ප්‍රදේශ රාශියක් අප මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මෙම ප්‍රදේශ වල ශාඛා පිහිටුවීම මඟින් වැඩි පිරිසක් වෙත අපගේ සේවාවන් සමීප කරවීමට පුළුවන්. කුලියාපිටිය යනු එවැනි ප්‍රදේශයක්. කුලියාපිටිය ප්‍රදේශයේ අපගේ නවතම ශාඛාව පිහිටුවීමට අප කටයුතු කළේ ඒ නිසයි.

ඉදිරියේදී තවත් ප්‍රදේශ රැසක අපගේ ශාඛාවන් විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අපගේ කුලියාපිටිය ශාඛාව වෙත පැමිණ, අප ලබාදෙන සුවිශේෂී සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට අප ආරාධනය කර සිටිනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු සමන් ධර්මසිරි පැවසී ය.

Comments