COYLE විසින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැංවිය හැකි ආකාරය පෙන්වා දෙයි | සිළුමිණ

COYLE විසින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැංවිය හැකි ආකාරය පෙන්වා දෙයි

වර්තමාන ආර්ථික අර්බුධයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා කරුණු 10කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරයි. වසර 70කට වැඩි කාලයක් තුළ මතු වූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටියි. මෙම අර්බුධය පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇති අතර, මෙහි තත්ත්වය ඇතිවීම පිටුපස ඇති ප්‍රධාන හේතුව ලෙස වැරදි කළමනාකරණය එසේත් නොමැති නම් සම්පත් අවපාලනය ලෙස හඳුන්වා දිය හැකිය.

ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE) සහ දෙහිවල එක්සත් වෙ‍ෙළඳ හා කර්මාන්ත සංගමය, මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, නුගේගොඩ ව්‍යවසායකයන්ගේ සහ වෘත්තීයවේදීන්ගේ සන්ධානය, මිනුවන්ගොඩ වෙළෙඳ සංගමය, ලංකා බ්ස්නස් රින්, නාවලපිටිය වෙළෙඳ සංගමය, ලාංකික ව්‍යවසායකයෝ, සීමාසහිත මහනුවර සිංහල වෙ‍ෙළඳ පෙරමුණ, කිරිබත්ගොඩ සිංහල වෙ‍ෙළඳ සංගමය, ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ්‍රි ලංකා උත්සව සංවිධායකයන්ගේ සංගමය, ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය, කුරුණෑගල සිංහල වෙ‍ෙළඳ පෙරමුණ, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, භාණ්ඩ නිෂ්කාශන සහ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය, බහාලුම් ප්‍රවාහන සංගමය ඇතුළු, COYLE විසින් නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී, වර්තමාන ආර්ථික අර්බුධයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා කරුණු 10කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇත. එම කරුණු 10 පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දක්වා ඇත.

Comments