ChildFund තරුණයන්ට ළමා ආරක්ෂණ උපදේශකයන් වීමට පහසුකම් සපයයි | සිළුමිණ

ChildFund තරුණයන්ට ළමා ආරක්ෂණ උපදේශකයන් වීමට පහසුකම් සපයයි

ChildFund Sri Lanka ආයතනය විසින් ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) සඳහා නායකත්ව පුහුණු කඳවුරක් දඹුල්ලේදී පසුගියදා පැවැත්විය. ‘AYEVAC’ නැමති මෙම තරුණ එකමුතුව ස්වාධීන ව්‍යාපාරයක් වන අතර එය 2018 වසරේ දී ආරම්භ කරන ලදී.

ChildFund Sri Lanka ආයතනය විසින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක මෙම AYEVAC තරුණ එකමුතුව බලමුලු ගන්වා ඇත.ChildFund Sri Lanka ආයතනයේ සහයෝගයෙන් වයස අවුරුදු 15-29 අතර AYEVAC තරුණ සාමාජිකයන්, ළමා ආරක්ෂණය ජාතික වශයෙන් වැදගත් වූ ප්‍රමුඛතාවයක් බව රජයට ඒත්තු ගැන්වීමට කටයුතු කරයි.

පසුගිය මාස හය තුළ AYEVAC විසින් සාර්ථක ලෙස කරනු ලැබූ තරුණ බලමුලු ගැන්වීම් හරහා මේ වන විට සියලුම දිස්ත්‍රික්ක වල තරුණ සාමාජිකයින් 750 කට අධික සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත.

'ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව' (AYEVAC), ChildFund Sri Lanka ආයතනය විසින් ළමා හා තරුණ උද්දේශන මණ්ඩලයක් ලෙස ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලදී. ළමුන්ට එරෙහි ලිංගික, කායික, මානසික සහ මාර්ගගත අපයෝජන වැළැක්වීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම මීට ඇතුළත් වේ. AYEVAC තරුණ එකමුතුව, සෑම දරුවෙකුගේම අයිතිය සුරක්ෂිත කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳ ChildFund Sri Lanka ආයතනයෙහි විධි විධානයන්ට වටිනාකමක් එක් කරනු ලබයි.

Comments