AI මඟින් සවිබල ගැන්වෙමින් ස්මාර්ට් ජංගම දුරකතනවල නව පෙරළියක් | සිළුමිණ

AI මඟින් සවිබල ගැන්වෙමින් ස්මාර්ට් ජංගම දුරකතනවල නව පෙරළියක්

ස්මාර්ට් ජංගම දුරකථන, පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූලව කාලයත් සමඟ ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් අද වන විට අතේ රැගෙන යා හැකි අංග සම්පූර්ණ උපාංගයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් පැවතුන සහ රැගෙන යාමද අපහසු වූ කාලයක් පැවතී බව ඔබට මතකද? එම කාලයේදී ජංගම දුරකථන වල ප්‍රධාන කාර්යය වූයේ ඇමතුම් ලබා ගැනීම පමණය.

නමුත් ඡායාරූප ගැනීමේ හැකියාව සහ අනෙකුත් විශේෂාංග හඳුන්වා දීමත් සමග ජංගම දුරකථන පරිශීලකයන් සිය අවශ්‍යතාවන්ට උපරිම ගැලපෙන දුරකතනයක් මිලදී ගැනීමට පෙළඹුණි.

ස්මාර්ට් කැමරා හඳුන්වාදීමත් සමඟ වෘත්තීය මට්ටමේ ඡායාරූප දැන් සාක්කු ප්‍රමාණයේ උපාංග මඟින්ද ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. AI බලයෙන් ක්‍රියාත්මක වන ස්මාර්ට් විශේෂාංග මඟින් දෘශ්‍ය බාධා ඉවත්කරමින්, ආලෝකය නිවැරදි කිරීම, රාමුවේ ඇති අනවශ්‍ය හෝ නොපැහැදිලි අංග ඉවත් කිරීම මගින් පරිසරය නිවැරදිව හඳුනා ගැනීමට සහ ඡායාරූප ස්වයංක්‍රීයව වැඩිදියුණු කිරීමට ස්මාර්ට් ජංගම දුරකථනවලට හැකියාව ලැබී ඇත. කෘතිම බුද්ධිය රැගත් ඇල්ගොරිතම භාවිතයට ගැනීම මඟින් පසුබිම විශ්ලේෂණය කොට පුද්ගලයින් සහ වස්තූන් හඳුනා ගැනීමට ස්මාර්ට් ජංගම දුරකථන වලට හැකියාව ලැබී ඇත.

ගෝලීය තාක්‍ෂණික සන්නමයක් වන vivo සිය “පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනය” සමගින් AI කැමරා තාක්‍ෂණය රැගත් ස්මාර්ට්ෆෝන් රැසක් සිය ස්මාර්ට්ෆෝන් කළඹට අඩංගු කොට ඇත. AI කැමරා ඇල්ගොරිතමය මඟින් ඡායාරූප ගත කරන වස්තුව පසුබිමෙන් වෙන්කර හඳුනා ගන්නා අතර සන්සෙට්, මැක්‍රෝ, ලෑන්ඩ්ස්කේප්, පෝට්රේට් ඇතුළු බහුවිධ inbuilt preset දර්ශන සපයයි.

Comments