සංචාරකයන්ට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ | සිළුමිණ

සංචාරකයන්ට අද්විතීය අත්දැකීම් රැසක් එක්කරමින් Granbell Hotel Colombo විවෘත වේ

ශ්‍රී ලාංකේය සහ ජපාන ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අපූර්ව අත්දැකීම් විඳ ගැනීමේ අවස්ථාව දේශීය සංචාරකයින් වෙත ලබාදෙමින් Granbell Hotel Colombo පසුගියදා විවෘත කෙරිණි. ටෝකියෝ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන Belluna Co. Ltd විසින් මෙම නවතම සංචාරක හෝටල් පරිශ්‍රයේ හිමිකාරීත්වය සහ කළමනාකරණය සිදු කරනු ලබන අතර, මෙහි ශක්තිමත් හෝටල් ජාලයට ජපානයේ සංචාරක කර්මාන්තය හා බැඳුණු හෝටල් 17ක්, හවායි හි හෝටලයක්, මාලදිවයිනේහි හෝටලයක් සහ සහ ශ්‍රී ලංකාවේ හෝටල් ද්විත්වයක් හිමිය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ඉහළින්ම පාත්‍ර වන පරිදි නිර්මාණය කර ඇති මෙම හෝටල් සංකීර්ණයේ විවෘත කිරීමේ උත්සවය සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස ජපාන රජයේ ශ්‍රී ලංකා තානාපති ගරු මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ Belluna Co. Ltd හි සභාපති කියෝෂි යසුනෝ (Kiyoshi Yasuno) මහතා සහභාගී විය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති වසර 70කට වඩා පැරණි මිත්‍රත්වයට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ආරම්භ කර ඇත. මෙම සුවිසල් හෝටල් සංකීර්ණයේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර, මෙය ඇමරිකානු ඩොලර් මිලියන 60ක විශාල ඍජු විදේශ ආයෝජනයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

 

Comments