වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වටිනාම ටයිල් සන්නාමය ලංකාටයිල්ස් | සිළුමිණ

වේගයෙන්ම වර්ධනය වන සන්නාමය සහ වටිනාම ටයිල් සන්නාමය ලංකාටයිල්ස්

ශ්‍රී ලංකාවේ ෆ්ලෝ ටයිල් සහ වෝල් ටයිල් සම්බන්ධ ප්‍රමුඛයා වන ලංකාටයිල්ස් (LANKATILES) මෙවරත් ‘Brand Finance’ වටිනාම පාරිභෝගික සන්නාම 100 දර්ශකයට ඇතුළත් වී ඇත. සන්නාම වටිනාකම අතින් 48% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙම දර්ශකයේ ස්ථාන 10 ක් ඉදිරියට පැමිණීමට ලංකාටයිල්ස් සමත් වී තිබේ. රටේ පවතින අභියෝගකාරී ආර්ථික තත්ත්වය හමුවේ පවා මෙවැනි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වීම, ලංකාටයිල්ස් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

Brand Finance යනු ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් තක්සේරුකරන ආයතනයයි. අලෙවිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍ර අතර පවතින පරතරය අවම කිරීම එහි මූලික ඉලක්කය වී ඇත. “මෙවැනි ඇගයීමක් හිමිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. විශේෂයෙන්ම පවතින තත්ත්වය හමුවේ මෙය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. නුදුරු අනාගතයේදී රටේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වේවි කියා අප බලාපොරොත්තු වෙනවා. වසරක් පාසා වර්ධනය වෙමින් පවතින අපගේ අපනයන කටයුතු ඔස්සේ, රටේ ආර්ථිකය නඟා සිටුවීමට හැකි උපරිමයෙන් දායක වීමට අප සූදානම්.” ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සහ ලංකාටයිල්ස් පීඑල්සී යන සමාගම් වල කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර පැවසීය.

Comments