නෙවිල් ඉන්ඩස්ට්‍රීස් සමාගමට කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයක් | සිළුමිණ

නෙවිල් ඉන්ඩස්ට්‍රීස් සමාගමට කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයක්

නවෝත්පාදී වානේ යන්ත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන නෙවිල් ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි වානේ, නිමැවුම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන්ගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ නෙවිල් ඇන්ටනී වැන්ඩලන් සම්මානය ලබා ගත්තේය.

නෙවිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ඇතුළු තවත් සම්මාන රැසක් දිනා ඇත.

වසර 30කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන නෙවිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම විවිධ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය වන වානේ යන්ත්‍ර ඉහළ ප්‍රමිතියෙන් නිර්මාණය කරයි. අසමසම කැපවීම සමඟ නවෝත්පාදනය මුසු වීම මෙම නිෂ්පාදන සාර්ථක වීමට ප්‍රමුඛ හේතුවයි. කෘෂිකාර්මික කටයුතු කාර්යක්ෂම කිරීමට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය උදෙසා නෙවිල් ඉන්ඩස්ටී්‍රස් සමාගම නිපදවූ යන්ත්‍ර සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් විශාල ඉල්ලුමක් ඇත. පාරිභෝගික අවශ්‍යතා මත එක් එක් ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය යන්ත්‍ර නිපදවීමේ හැකියාව ඔවුන් සතුය. නෙවිල් ඉන්ඩස්ට්‍රීස් සමාගම නිරන්තරයෙක් සමාජ සත්කාර සඳහා දායකත්වය දක්වන අතර කෘෂිකර්මාන්තයට ජනතාව නැඹුරු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ද දිවයින පුරා පවත්වයි.

Comments