ගාස්තු ඉහළ නොදැමීමට SLIM තීරණය කරයි | සිළුමිණ

ගාස්තු ඉහළ නොදැමීමට SLIM තීරණය කරයි

ශ්‍රී ලංකාව තුළ අලෙවිකරණ ක්ෂේත්‍රය නඟාසිටුවීමේ පුරෝගාමියා ලෙස මෙන්ම අලෙවිකරණ වෘත්තිය නිපුනත්වයෙන් පිරිපුන් කරන්නට කැපවී සිටින ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, රට තුළ උද්ගතව ඇති වත්මන් වාතාවරණයට ධෛර්යයෙන් මුහුණ දෙන සියලුම ශ්‍රී ලාංකේය සහෘද ජනතාව සමඟ සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන සිටින බව අවධාරණය කරමු.

ඓතිහාසික වශයෙන් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවධිය තුල උද්ගතව වෙමින් පවතින අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සහ ඊට සමානුරූපීව ශ්‍රී ලාංකේය ජනතාව තනි තනිව සිදුකරන කැපකිරීම් මෙන්ම සාමුහිකව පවුල් ඒකක වශයෙන් මෙම සංක්‍රාන්ති සමයට ඔරොත්තු දීමට දරන උත්සාහයන්ද ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ නිරන්තර නිරීක්ෂණයට ලක්වේ. දේශීය වෙළඳපොළ තුළ පවතින භාණ්ඩ හා සේවාවන්හි අසාමාන්‍ය මිල ඉහළ යාම පාදක කරගනිමින් මහජනතාව වෙත බරක් පැටවීම වෙනුවට, මහජනතාවගේ සහ පාරිභෝගිකයන්ගේ යහපත වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹී ඇති බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ විශ්වාසයයි.

Comments