එමිරේට්ස් බෝඩිං පාස් පතට ඩුබායිහිදී ආකර්ෂණීය වට්ටම් | සිළුමිණ

එමිරේට්ස් බෝඩිං පාස් පතට ඩුබායිහිදී ආකර්ෂණීය වට්ටම්

2022 මැයි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ඩුබායි වෙත පැමිණෙන එමිරේට්ස් ගුවන් මගීන්ට ලබා දී ඇති ගුවන් යානයට පිවිසීමේ පත (Boarding pass) ඉදිරිපත් කිරීමෙන් ආකර්ෂණීය වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබාගත හැකි ප්‍රවර්ධනයක් එමිරේට්ස් ගුවන් සමාගම විසින් දියත් කර තිබේ. මෙහිදී, එමිරේට්ස් ගුවන් මගීන්ට එම පිවිසීමේ පත් වල තමන්ට හිමිවන කොටස පෙන්වීම මඟින් ඩුබායිහිදී සිල්ලර, සංචාරක, අවන්හල්, සාප්පු සංකීර්ණ ඇතුළු බොහෝ ස්ථාන වලින් වට්ටම් ලබාගත හැකි බව එමිරේට්ස් සඳහන් කරයි. මීට අමතරව, ඩුබායි වෙත පැමිණෙන මගීන්ට මැයි මාසය තුළදී මේ ආකාරයෙන් නොමිලේ Dubai Marina Cruise සංචාරයක් සිදුකිරීමේ අවස්ථාව හිමිවන අතර එහිදී නගරයේ මනස්කාන්ත දසුන් නැරඹිය හැකි බව සඳහන්ය.

මෙම වට්ටම් පිළිබඳ තොරතුරු www.emirates.com/myemiratespass. වෙබ් අඩවියට පිවිස දැනගත හැකිවේ.

Comments