මුහුණු පොතෙන් වෛරය වැපිරූ අයට වැඩ වරදී | සිළුමිණ

මුහුණු පොතෙන් වෛරය වැපිරූ අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගෙන පසුගිය 9 වැනිදා සහ 10 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පෙළඹවූ ෆේස් බුක් ගෲප් (සමූහයන්) ගණනාවක තොරතුරු පොලිසිය මේ වන විට හෙළි කරගෙන ඇත.

මේ අතරින් 59ක සියලු තොරතුරු හෙළිවී ඇති අතර ඒවායේ පරිපාලකවරුන් (ඇඩ්මින්) ගේ අනන්‍යතාවය ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

මුහුණුපොත ඔස්සේ අදහස් පළකරමින් පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට එලෙස යොමු කළ අයට පරිගණක අපරාධ පනත අනුව හා අපරාධ පනතට අනුව නඩු පැවරීමට ද පොලිසිය බලාපොරොත්තු වෙයි.

එලෙස මුහුණුපොත ඔස්සේ පුද්ගලයින් ප්‍රචණ්ඩත්වයට පෙළඹවූ පුද්ගලයන් සොයා ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ ද යොදවා ඇත.

මුහුණුපොත ඔස්සේ අදහස් පලකරමින් හමුදා නිලධාරින් කෙරෙහි ජනතාවගේ වෛරය ඇතිවන ආකාරයෙන් අදහස් පළකල හිටපු ලුතිනන්වරයෙකු ද නිට්ටඹුව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.

 

Comments