දෙම­ස­කින් නව ව්‍යව­ස්ථා­වක් | සිළුමිණ

දෙම­ස­කින් නව ව්‍යව­ස්ථා­වක්

 

ගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය සම්මත කර කර ගැනීමට කටයුතු කරනු ලබන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කෙරෙන සහ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කෙරෙන ප්‍රතිපාදන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණුද ඇතුළත් කර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වන විටත් බොහෝ පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති විසින්ද ඉල්ලා ඇත්තේ 21 වන සංශෝධනය ක්‍රියාවට නංවන ලෙසයි. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් විසින්ද පසුගිය දිනවල මාධ්‍ය හමු පවත්වමින් 21 වන සංශෝධනය ගෙන ඒම කඩිනම් කළ යුතු බව පැවසුවේය. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ 21 වන සංශෝධනය ගෙන එන්නේ නම් රජයට සහාය දෙන බවයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බොහෝ මන්ත්‍රීවරුන් විසින් සහාය ලබා දෙනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Comments