ජන­ප­තිගේ වෙසක් දින පණි­වු­ඩය | Page 2 | සිළුමිණ

ජන­ප­තිගේ වෙසක් දින පණි­වු­ඩය

 බෞද්ධ පිළිවෙත වන්නේ පවත්නා තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිය වෙසක් දින පණිවුඩයෙන් පවසා සිටී.

එම පණිවඩුයේ මෙසේද දැක්වේ.

අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහිකර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති. භාග්‍යවතුන් වහන්සේ සකල සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කළ දහම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පවතින්නකි. සම්බුද්ධත්වය උදෙසා බෝධිසත්වයෝ ආත්ම භාව කල්ප ගණනක් පෙරුම් පිරූහ. එය ආමිස සහ ප්‍රතිපත්ති පූජාදියෙන් පරිපූර්ණය. දස පාරමී ගුණයන්ගෙන් සුපෝෂිතය. ඒ සියලු සත්වයෝ සසර දුකින් මුදා ගැනීම පිණිසය.

 

Comments