ගු රු විදු­හ­ල්පති වර්ජ­නය නිමයි | සිළුමිණ

ගු රු විදු­හ­ල්පති වර්ජ­නය නිමයි

 

ළැඹෙන 17 වැනිදා අඟහරුවාදා සිට පාසල් අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි සිදු කිරීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කොට ඇතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ සිළුමිණට පැවැසූහ. ගුරු විදුහල්පති සංගම් කලින් දැනුම් දී තිබුණේ ලබන සතියේ සිට ජනාධිපතිවරයා සිය තනතුරින් ඉවත් වනතෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදෙන බවකි.

මේ පිළිබඳ විමසීමේදී යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවැසූවේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු අඬපණ කරමින් පාසල් දරුවන්ට පීඩාවක් සිදුවන ආකාරයෙන් කිසිදු විරෝධතාවයක් සිදු නොකරන බවත්, තම විරෝධතාව දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි විරෝධතා දැක්වීමට තීරණය කළ බවත්ය. ඒ අනුව ලබන අඟහරුවාදා සිට සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නිරත විමටත්, සිසුන්ගේ අඩපණ වූ පාසල් කටයුතු ඉක්මනින් සම්පූර්ණ කිරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති. මේ මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාග කටයුතු, පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු හා විභාගයන්ට පෙනී සිටින සිසුන්ගේ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කිරීමටත් එම සංගම් බලාපොරොත්තු වෙයි.

 

Comments