ඇමැති මණ්ඩ­ලය විස්සයි | සිළුමිණ

ඇමැති මණ්ඩ­ලය විස්සයි

 

නාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගේ එකතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට අදාළ කටයුතු පසුගිය සිකුරාදා සවස් වන විට සූදානම් කර තිබුණි. ඒ අනුව නව කැබිනට් මණ්ඩලය උපරිම 20 දෙනකුගෙන් යුක්තව සකස් කිරීමට අදාළව සාකච්ඡා පවත්වා තිබේ. එම ඇමැතිවරුන් 20 දෙනා අතරට ජනාධිපතිවරයා හා අගමැතිවරයාද අයත් වන අතර ඒ අනුව අලුතින් පත් කෙරෙන්නේ ඇමැතිවරුන් 18 දෙනකු පමණක් බවද වාර්තා වේ.

එළැඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතය. නියෝජ්‍ය ඇමැතිවරු පත් කරන්නේ දෙපාර්තමේන්තු හා ආයතන වැඩි ප්‍රමාණයක් ඇති අමාත්‍යාංශවලට පමණක් බවද අදාළ ආරංචිමාර්ග පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ එකතුවෙන් නව ඇමැති මණ්ඩලය පත් කෙරෙනු ඇත. මේ අතර දෙමළ ජාතික සන්ධානය පවසන්නේ රජයේ ඇමැතිකම් බාර නොගත්තත් රජයේ ජනහිතවාදී කටයුතුවලට සහාය ලබා දෙන බවයි. එමෙන්ම ජාතික ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ කිසිදු හේතුවක් මත රට අරාජික වීමට ඉඩ නොතබන බවයි.

 

Comments