
අගමැති රනිල් වික්‍රමසිංහයන් ඉකුත් 12 වෙනිදා මෙරට 26 වෙනි අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එතුමාට බොහෝ විදේශ නායකයන්ගේ සුබ පැතුම් එක් කෙරිණි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චැන්ග් සුබපැතුම් එක් කරමින් පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධව ඉදිරි කටයුතු සමඟ දීර්ඝ කාලීන විසඳුම්වලට යෑමට අවශ්‍ය කටයුතු සඳහා අගමැතිවරයා ධෛර්යමත් කරන බවයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මානු තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් රැසක් නව අගමැතිවරයාට සුබ පැතුම් එක් කළ අතර පසුගිය 13 වෙනිදා සිකුරාදා අරලිය ගහ මන්දිරයට පැමිණි ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (වමේ සේයාරුව) හා චීන තානාපති QI Zhenhong (දකුණේ) මහත්වරුන් නව අගමැතිවරයාට තම රටේ සුබ පැතුම් එක් කරමින් ඉදිරි ගමනට ආශිර්වාද කරන ලදී. (සටහන - ටිරෝනි වෑවලගේ)