අග­මැ­තිට විශ්වා­සය පළ කිරීමේ යෝජ­නාව 17දා | සිළුමිණ

අග­මැ­තිට විශ්වා­සය පළ කිරීමේ යෝජ­නාව 17දා

 අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව එළැඹෙන 17 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු සිදු කිරීමට නියමිතය. එහිදී නව රජය පවත්වා ගෙන යාම පිණිස අගමැතිවරයා ශක්තිමත් කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇත.

ඒ සඳහා අගමැතිවරයාට සහාය පළ කිරීම වෙනුවෙන් පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය ලැබෙනු ඇතැයි දැන ගන්නට ඇත. මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ 17 වෙනිදා අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට තීරණය කර ඇති බව දැන ගන්නට ඇති බවත් එහෙත් තමාට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්ය.

 

Comments