Trainocate Lanka, Alethea ජාත්‍යන්තර පාසල සමඟ හවුල්කාරිත්වයකට | සිළුමිණ

Trainocate Lanka, Alethea ජාත්‍යන්තර පාසල සමඟ හවුල්කාරිත්වයකට

ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවෙකු වන Trainocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල් වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. නවතම Microsoft RESET පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුළ මෙම RESET වැඩසටහන සිදු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. Alethea 1928 දී ආරම්භ කරන ලද අතර එයට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 90 කට වඩා වැඩි ඉතිහාසයක් පවතී. සිසුන්ට මෙම RESET වැඩසටහන හඳුන්වා දීම තුළින් තොරතුරු තාක්ෂණ පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සිදු කෙරේ.

Alethea හි කළමනාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනි අනිට්‍රා පෙරේරා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. අපගේ විෂය නිර්දේශයට RESET හඳුන්වාදීම පාසල තුළ ඩිජිටල් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා.

මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වන්නේ අපගේ සිසුන් අනාගත ඩිජිටල් ලෝකයට සුදානම් බව හඳුනා ගැනීමයි. එයින් අප ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමද සිදු වෙනවාÓ Remote End User Self Enablement Training හෝ RESET මඟින් සිසුන්ට තාක්‍ෂණික දැනුම ලබා දෙන වීඩියෝ පට නැරඹීම තුළින් තනිවම අධ්‍යයන කාර්යයේ යෙදීමට අවස්ථාව උදා වේ. Microsoft වැනි නිෂ්පාදන සිසුන්ගේ සහ වෘත්තිකයන්ගේ දෛනික ජීවිතයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර RESET මඟින් ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දේ.

Comments