JW.org මධ්‍යස්ථානවල කණ්ඩායම් රැස්වීම් ආරම්භ කරයි | සිළුමිණ

JW.org මධ්‍යස්ථානවල කණ්ඩායම් රැස්වීම් ආරම්භ කරයි

රජය විසින් පනවා ඇති යම් සීමාවන් නිසා එකට එක්රැස්වීමට අවස්ථාව නොලැබෙන රටවල් හැර, ලොව පුරා සිටින සියලුම JW.org සමාජික සභාවන්වල රැස්වීම්, අප්‍රේල් මාසයේදී නැවත ආරම්භ කරන ලදි.

වසංගතය නිසා ලොව පුරාම තිබෙන JW.org සමාජික නැමදුම් මධ්‍යස්ථාන පසුගිය වසර දෙකකට වැඩි කාලයක් පුරා, වසා දමා තිබිණ. එතැන් සිට, ඔවුන් සතියට දෙවරක් සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීම් පැවැත්වූවා. ශ්‍රී ලංකාව තුළ සභාවන් 103ක JW.org සමාජිකයින් 7,200ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටියද, සෑම සතියකම මෙම රැස්වීම් සඳහා පැමිණි අයගේ සංඛ්‍යාව 8,700 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකාවේ JW.org සමාජිකයින්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ වන ස්පෙන්සර් මැතිව් මෙසේ පවසයි. “දැන්, ලොව පුරා සිටින JW.org සමාජිකයින් සියලු දෙනාටම මෙය සුභ පණිවිඩයක් වන බව මගේ විශ්වාසයයි.. තාක්ෂණය නිසා විවිධාකාර ක්‍රමවලින් අපට රැස්වීම් පවත්වන්න අවස්ථාව ලැබුණත්, පුද්ගලිකව එකට සිටීම තරම් සතුට ගෙන දෙන දෙයක් තවත් නැහැ. මේ අවස්ථාව පැමිණෙන තෙක් අපි අවුරුදු දෙකක් අපේක්ෂාවෙන් සිටියා.”

සහභාගි වන සියලුදෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, රැස්වීම්වලට පුද්ගලිකව පැමිණීමට නොහැකි අයට රැස්වීමට හවුල් වීම සඳහාත් ඔවුන්ගේ ආගමික ස්ථානවල, “හයිබ්‍රිඩ් රැස්වීම්” පැවැත්වීමට හැකි ලෙසට තාක්ෂණය යොදාගෙන ඇත. මේ තුළින්, හැමෝටම සාකච්ඡාවන්ට සහභාගි විය හැකිය.

අන්තර්ජාලයෙන් හෝ නමැදුම් මධ්‍යස්ථානයේ අනිත් අය සමග එකතු වී සහභාගී වන ආකාරය පිළිබඳ තොරතුරු jw.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ඇතුළත් වීම නොමිලේ, ලියාපදිංචි වීමද අවශ්‍ය නොවේ.

Comments