
Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා PwC Sri Lanka එක්ව රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ CBL සමූහය එක්වීම පසුගියදා සිදුවිය.
එහි බෙදාහැරීමේ සහකරු සර්වෝදය හා විගණන සහකරු PwC Sri Lanka ඇතුළු සම අදහස් ඇති හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් Dialog, MAS, Hemas සහ CBL අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතුරින් පවුල් 100,000කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට සියලුම දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රකෘතිමත් සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ.
CBL සමූහයේ, සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ අදහස් දක්වමින් “සෙනෙහස, ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා විශ්වසනීය බව යන මූලික හර අගයන් මත CBL ගොඩනඟා ඇති අතර සෙනහස යන හර අගය සඳහා CBL හි විශේෂ ස්ථානයක් හිමිවනවා. මෙම ක්‍රියාන්විතයට හවුල් වීමට ලැබීම පිළිබඳ අප සතුටු වන අතර මෙම කාලෝචිත ප්‍රයත්තනයේ කොටස්කරුවකුවීමට අපට ආරාධනා කිරීම පිළිබඳ ඩයලොග් ආයතනයට ස්තූතිවන්ත වනවා.වගකිවයුතු ආයතන ලෙස ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාවත් තුළ ක්‍රියාකාරීව නියැළීමේ යුතුකමක් අප සතුවන අතර, මෙම අවස්ථාවේදී අවශ්‍යතා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අපට උපකාර කළ හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා. .” යනුවෙන් සඳහන් කළාය.