‘Hikvision Partner Summit 2022’ සාර්ථකව අවසන් | සිළුමිණ

‘Hikvision Partner Summit 2022’ සාර්ථකව අවසන්

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය, වසර දෙකකට පසු පවත්වන ලද ÒHikvision Partner Summit 2022Ó සමුළුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී.

2020 සහ 2021 වර්ෂයන් සඳහා දීප ව්‍යාප්ත හවුල්කරුවන්ගේ කාර්ය සාධනය හඳුනා ගැනීමේ අරමුණින්, Hikvision හි හවුල්කරුවන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් IT Gallery හි අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මෙසේ පැවසීය.

Hikvision ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා ඉමහත් කීර්තියක් ගොඩනඟාගෙන ඇත.

මෙම වසරේ ආරක්‍ෂක වෙළෙඳපොළ තුළ වූ නව ප්‍රවණතායන් හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව, අපගේ හවුල්කරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙහිදී කර්මාන්තය තුළ හුදු ආරක්‍ෂාව සහතික කිරීමෙන් ඔබ්බට වූ පුළුල් පරාසයක ආරක්ෂක ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ තුළින් ප්‍රජාවන්ට, සමාගම්වලට සහ සමාජයට වැඩිදියුණු කරන ලද සේවාවන්ට පිවිසීම සහ තිරසාරභාවය ගෙන දෙන ආකාරය පිළිබඳවද පැහැදිලි කෙරිණි.

ආරක්ෂක ක්‍ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය කෘතිම බුද්ධිය (AI) පිළිබඳව සමුළුවේදී විශේෂ අවධානයක් යොමු විය.

බොහෝ පාරිභෝගිකයින් AI හි වටිනාකම හඳුනාගෙන ඇති අතර ස්වයංක්‍රීය අංක තහඩු හඳුනාගැනීම (ANPR), ස්වයංක්‍රීය සංඥා පද්ධති (automated event alerts) සහ ව්‍යාජ අනතුරු ඇඟවීම් අඩු කිරීම (false alarm reduction) වැනි විවිධ අවස්ථා වලදී AI යෙදුම් භාවිත කරන බව තහවුරු වී ඇත.

Comments