ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021දී බිලියන 11.7ක ලාභයක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021දී බිලියන 11.7ක ලාභයක්

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්වය මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රු . බිලියන 152ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් අනෙකුත් රක්ෂණ ආයතන මෙන්ම ශ්‍රේණිගත කිරීම watch negative ‍ ලෙසින් සඳහන් වුවද දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා AAlka ෆිච් ෙශ්‍ර්ණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ. තවද AAlka ෆිච් ෙශ්‍ර්ණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකික රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයි.

 

Comments