බේබි ෂෙරමි වෙතින් නවතම නිල් මානෙල් ෆ්ලෝරල් බේබි ක්‍රීම් සහ සබන් වෙ‍ෙළඳපොළට | සිළුමිණ

බේබි ෂෙරමි වෙතින් නවතම නිල් මානෙල් ෆ්ලෝරල් බේබි ක්‍රීම් සහ සබන් වෙ‍ෙළඳපොළට

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ජනාදරයකට ලක්වූ ආදරණීය ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන්ගේ විශ්වාසය දිනා ගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු ළදරු නිෂ්පාදන රැසක් වෙ‍ෙළඳ පොළට හඳුන්වා දී ඇත. සිඟිති සමට පෝෂණයත්, නිරෝගී පෙනුමත් ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතුව තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන හඳුන්වා දීමේ ප්‍රමුඛයින් ලෙස බේබි ෂෙරමි නම් දරයි. වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ක්‍රීම් සහ සබන් වර්ග තෝරා ගැනීමට යාමේදී එහි අඩංගු දෑ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරයි. විශේෂයෙන්ම බිලිඳු සමට ගැළපෙන මොයිස්චරයිසින් සපයන නිෂ්පාදන සඳහා වර්තමානයේ දැඩි කැමැත්තක් පවතී.

Comments