ඉන්දියාවට පනින අය ගැන විමර්ශන | සිළුමිණ

ඉන්දියාවට පනින අය ගැන විමර්ශන

තුරු පළාතේ සිට ඉන්දියාවට මුහුදු මඟින් පලායාමට තැත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකිරීම සඳහා රහස් පොලීසියේ කණ්ඩායම් තුනක් යාපනය, මන්නාරම සහ ත්‍රිමලය ප්‍රදේශවලට ගොස් සිටිති.

පසුගිය මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් අනූදෙනෙක් පමණ මෙලෙස ඉන්දියාවට මුහුදු මඟින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ අතර ළමයින් ද සිටින බවට වාර්තා විය. එලෙස ඉන්දියාවට පලා යාමට තැත් කරද්දි නාවික හමුදාව මඟින් පුද්ගලයින් හතළිස් දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන උතුරු පළාතේ පොලිස් ස්ථානවලට භාරදී ඇති බව වාර්තා වෙයි.

දීපාල් සමරසේකර

Comments