කනිෂ්ඨයෝ 3000ක් කොළඹට රොඳ බඳිති | Page 2 | සිළුමිණ

කනිෂ්ඨයෝ 3000ක් කොළඹට රොඳ බඳිති

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වයස 16න් 18න් 20න් සහ 23න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක්වන අතර, කොවිඩ් වසංගතය නිසාවෙන් වසර කිහිපයක් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව පැවැත්වීමට නොහැකි විය.

පසුගිය අවුරුදු කිහිපයේ ම පාසල් මලල ක්‍රිඩා තරග පවා හරි හැටි පවත්වන්න බැරි වුණා.ඒ නිසා ළමයින් පවා බොහෝ ම උනන්දුවෙන් මේ තරගාවලියේ තම තමන්ගේ දක්ෂතා උරගා බලන්න අවස්ථාව කර ගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.යැයි ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි. කේ. කුලරත්න පවසයි. 

මෙවර තරගාවලිය අවුරුදු 23න් පහළ පිරිමි මීටර් 10,000 අවසන් තරගයෙන් තරගාවලිය ආරම්භ වෙයි. පළමු දිනයේ වැඩි වශයෙන් වෙන්ව ඇත්තේ මූලික වටයේ තරග සඳහා වන අතර අවසන් තරග 22කි.

දෙවැනි දිනයේ දී සියලුම වයස් කාණ්ඩවල කාන්තා සහ පිරිමි මීටර් 800 සහ 400 කඩුලු පැනීමේ අවසන් තරග සමස්ත අවසන් තරග 45ක් පැවැත්වෙයි

තෙවැනි දිනයේ බොහෝ ඉසව්වල මූලික වටයේ සහ අවසන් පූර්ව වටයේ ඉසව් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එදින වයස් කාණ්ඩ කිහිපයක රිටි පැනීම, තුන් පිම්ම පැනීම ඉසව්වන්හී අවසන් තරග 18ක් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ උණුසුම්ම දිනය වන 12 වැනිදා සියලුම වයස් කාණ්ඩවල මීටර් 100, 400 සහ 1500 යන ඉසව්වන්හී අවසන් තරග පැවැත්වීමට නියමිතය.

මෙම මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානයි.

එමෙන්ම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ තරගාවලි කිහිපයක්ම එහි අලුත්වැඩියාවක් නිසා දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට කටයුතු කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාතික තරගාවලිය වන්නේ ද මෙයයි.

මෙම මාසයේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු නොඅනුමානයි.

දැනට වයස අවුරුදු 20න් පහළ 9 දෙනෙක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබලා තියෙනවා, තවත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් කිහිපදෙනෙක් ම ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා යැයි ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න වැඩිදුරටත් අප හා පැවැසීය.

වයස් කාණ්ඩ හතරක් ආවරණය කරමින් පැවැත්වෙන මෙකී තරගාවලියට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්වීමට නියමිතව ඇති අතර ජාතික මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න, මේධානි ජයමාන්න, ජයේෂි උත්තරා, චමෝද් යෝධසිංහ, වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තිබූ තරගාවලි කිහිපයක්ම පසුගිය කාලයේ අලුත්වැඩියාව නිසා දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට කටයුතු කිරීමෙන් අනතුරුව මෙකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ජාතික තරගාවලිය වන්නේ ද මෙයවීම විශේෂත්වයකි.

පසුගිය දිනවල පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දස්කම් දැක්වීමට සමත්වු අතර ඒ නිසාම මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

Comments