මූල්‍ය තත්ත්වය සැඟවීමේ වුවමනාවක් රජයට නැහැ - මුදල් ඇමති | සිළුමිණ

මූල්‍ය තත්ත්වය සැඟවීමේ වුවමනාවක් රජයට නැහැ - මුදල් ඇමති

මෙරට මූල්‍ය තත්ත්වය පිළිබද කරුණු සැඟවීමේ වුවමණාවක් ආණ්ඩුවට නැති බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.
 
නිදහසින් පසු බරපතළම ආර්ථික අර්බුදයට මෙරට මුහුණදෙමින් සිටින බව මුදල් අමාත්‍යවරයා එහිදී පැවසීය.
 
මේ වනවිට මෙරට භාවිතයට ගතහැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන පනහකට ආසන්න බව ඇමතිවරවයා සදහන් කළේය. අයි එම් එෆ් සාකච්ඡා සාර්ථක බවත් ඒ සදහා ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට සහාය දෙන අතර ඉදිරි මාස 6 තුළ එම අයිඑම්එෆ් මූල්‍ය සහන ලබාගත හැකි බවද අමාත්‍යවරයා කීය.
 
එසේම ලංකාව වත්මන් තත්ත්වය වහාම කළමනාකරණය කර ගත යුතු බවත් පැවසු මුදල් අමාත්‍යවරයා මෙරට භයානක උවදුරක් ආසන්නයේ සිටින බව ද අවධාරණය කළේය.
 
එම උවදුරෙන් මිදීමට සියලුදෙනාට ජාතික වගකීමක් ඇති බවද පැවසු මුදල් අමාත්‍යවරයා මෙරට වර්තමානයේ පවතින බදු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යා හැකිද යන්න ගැටලුවක් බව ද  කියා සිටියේය.
 
අද වන විට මෙරට බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24% සිට 8.6 දක්වා අඩු වී ඇත. මෙරට සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, තෙල් මිල ඉහළ යෑම, සහ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයෑම මෙරට මෙරට විදේශ සංචිත අහිමිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
අපේ පාලනයේ තොරවූ කොවිඩ් ව්‍යසනය සහ යුක්රේන යුද්ධය මීට බලපෑ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අද වන විට වසර 50කට පසු ඇමරිකාව මුහුණ දෙන වැඩිම උද්ධමනය වාර්තා වෙන බවත් යුරෝපයේ සහ පාකිස්ථානය වැනි රටවල මෙම තත්ත්වය දැකිය හැකි බවද පෙන්වා දුන්නේය. එහෙත් එම රටවල යම් සංචිත තිබුණත් මෙරට සංචිත අපී අහිමිකරගෙන ඇතැයි අමාත්‍යවරයා කීය.
 
 
 
 
 
 
 
 
 
 
 

Comments