INSEE සංස්ථා 11 වැනි වරටත් SLIM Kantar ජනතා සම්මාන දිනයි | සිළුමිණ

INSEE සංස්ථා 11 වැනි වරටත් SLIM Kantar ජනතා සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පෝට්ලන්ඩ් සිමෙන්ති වර්ගය වන INSEE සංස්ථා සිමෙන්ති අඛණ්ඩව 11 වන වරටත් SLIM Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. “SLIM Kantar People’s Awards 2022’ සම්මාන උළෙලේදී ‘වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ කාණ්ඩය යටතේ මෙම සම්මානය INSEE සංස්ථා සිමෙන්ති වෙත පිරිනමන ලදි. මෙරට සන්නාම හා අලෙවිකරණය සම්බන්ධ ජනප්‍රියම සම්මාන උළෙලක් වන මෙය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing - SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ ජනතාවගේ කැමැත්ත අනුව කර්මාන්ත හා ක්ෂේත්‍ර රැසක සන්නාමයන් ඇගයීමට ලක්කිරීම ය. 2022 මාර්තු මස 21 වැනි දින Monarch Imperial හිදී පැවති මෙම උත්සවයට සන්නාම හා අලෙවිකරණ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. මෙහිදී INSEE වෙත හිමි වූ සම්මානය එහි විධායක උප සභාපති සහ අධ්‍යක්ෂ (අලෙවිකරණ, විකුණුම් හා නවෝත්පාදන) යාන් කුනිග් විසින් පිළිගන්නා ලදි.

 

Comments