රඹුක්කන වෙඩි තැබීම: පොලිස් නිලධාරින් 6 දක්වා රිමාන්ඩ් | සිළුමිණ

රඹුක්කන වෙඩි තැබීම: පොලිස් නිලධාරින් 6 දක්වා රිමාන්ඩ්

ඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් සිවුදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් බාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර වෙඩි තැබීමට අණ දුන් කෑගල්ල කොට්ඨාස බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සිකුරාදා සවස රෝහලට ගොස් නිරීක්ෂණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා සැකකරු මැයි 06 වැනිදා තෙක් බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.

තෙල්දෙනිය මහේස්ත්‍රාත්වරයා විසින් කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෙසු සැකකරුවන් තිදෙනාද පරීක්ෂාවෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

එසේම සැකකාර පොලිස් නිලධාරීන් සිවුදෙනා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසටද කෑගල්ල මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න කොළඹ සහ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නියෝග කෙරිණි.

Comments