නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට ශ්‍රී ලංකාවට | සිළුමිණ

නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට(27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. 
 
ඇගේ දේහය ළඟම ඥාතීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාර ගැනීමට නියමිත ය.
 
විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු සම්බන්ධීකරණය කරයි.

Comments