MSI විසින් නවතම Gaming සහ Creator ලැප්ටොප් හඳුන්වා දෙයි | සිළුමිණ

MSI විසින් නවතම Gaming සහ Creator ලැප්ටොප් හඳුන්වා දෙයි

“Gameverse” මැයෙන් සංවිධානය කරනලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින්12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි.

පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැළෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත් වූ තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයාවන MSI, 12වන පරම්පරාවේ ලැප්ටොප් නිෂ්පාදන ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම සන්නාමය වේ.

Intel® CoreTM i7 හෝ ඉන් ඉහළ ප්‍රොසෙසර් ධාරිතාවයක් සහ NVIDIA GeForce RTX ™ 3070 සහිත නවතම ලැප්ටොප් නිපදවා ඇත්තේ Metaverse-compatible ඉහළ කාර්ය සාධනයක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් යැයි කිව හැකිය.

Comments