OPPO INNO DAY 2021 වෙබ් අඩවියට FOTD සම්මානයක් | සිළුමිණ

OPPO INNO DAY 2021 වෙබ් අඩවියට FOTD සම්මානයක්

OPPO INNO DAY 2021 වෙබ් අඩවියට පසුගියදා FOTD (FWA of the Day) සම්මානය හිමි විය. FOTD සම්මානය ලොව ඩිජිටල් සැලසුම් සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍ර වල නිර්මාණශීලීත්වය ඇගයීම සඳහා පිරිනමන ප්‍රමුඛතම සම්මානයක් ලෙස සැලකේ. රටවල් 35 කට අධික සංඛ්‍යාවක වෘත්තිකයන් 500 දෙනෙකුට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් FWA සම්මාන සඳහා සජීවීව ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකරනු ලබයි.

“සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද OPPO INNO DAY 2021 වැඩසටහන, චීනය තුළ අතථ්‍ය (Virtual) ආකාරයට පැවැත්වූ මෙම වර්ගයේ ප්‍රථම වැඩසටහනයි. වැඩසටහනට සහභාගී වූවන්ට පෙර නොවූවිරූ ආකාරයේ අන්තර්ක්‍රියාකාරී අත්දැකීමක් පිරිනැමීමට එම වැඩසටහන සමත් වුණා. මෙය ඉදිරියේදී අතථ්‍ය ලෝකය දියුණු වන ආකාරය පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙස හැඳින්විය හැකියි.” - සම්මානය පිළිබඳ FWA හේතුපාඨයේ එසේ දැක්වේ.

 

Comments