LCB Finance වෙතට දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය | සිළුමිණ

LCB Finance වෙතට දකුණු ආසියා ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය

2019 නැගී එන මූල්‍ය සමාගම සම්මානයෙන්ද, 2021 වේගයෙන්ම වර්ධනය වන මූල්‍ය සමාගම සම්මානයෙන්ද පිදුම් ලබා තිබියදී මෙවර ව්‍යාපාර 413ක් අතරින් දකුණු ආසියාවේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලබන්න LCB Finance ආයතනය සමත්විය. විශේෂයෙන්ම ශාඛා ජාල ග්‍රාමීය ප්‍රදේශ ඉලක්කකර ව්‍යාප්ත කරමින් ඔවුන් වෙනුවෙන් කැපවීම, මූල්‍ය තත්ත්වය, විගණන මතය, ශ්‍රේණිගත කිරීම, ප්‍රාග්ධන සංයුතිය, කොටස් වෙළඳපළ ලියාපදිංචිය හා අනෙකුත් නිර්ණායක සපුරා සිටීම මෙම සම්මානයට හේතු විය. ඒ අනුව ශාඛා ජාලය ව්‍යාප්තිය සඳහා මහබැංකුවේ අනුමැතිය ලබමින් ග්‍රාමීය ප්‍රදේශ ඉලක්කකර ගනිමින් ශාඛා ව්‍යාප්ත කරලීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී. 2022 මාර්තු 31 වැනි දින අවසන් ගිණුම් වර්ෂයට අනුව තංගල්ල, දෙයියන්දර සහ අකුරැස්ස නගර ආශ්‍රිත ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ කටයුත්ත සම්පූර්ණ කරමින් පවතී.

Comments