HNB FINANCE වෙතින් දෘෂ්‍යාබාධිත පවුල් 100කට වියළි ආහාර පරිත්‍යාග | සිළුමිණ

HNB FINANCE වෙතින් දෘෂ්‍යාබාධිත පවුල් 100කට වියළි ආහාර පරිත්‍යාග

HNB FINANCE PLC හි ප්‍රධානතම ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය වන මෙහෙවර වැඩසටහන ඔස්සේ සීදුව ප්‍රදේශයේ ජීවත් වන දෘෂ්‍යාබාධිත පවුල් 100ක් සඳහා වියළි ආහාර බෙදා දීම පසුගියදා සිදු කෙරිණ.

පසුගිය දෙසැම්බර් 23 වැනි දින පැවති මෙම වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට HNB FINANCE හි ප්‍රධාන මානව සම්පත් නිලධාරි සහ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මානව සම්පත් සහ පරිපාලන රුවන් ප්‍රනාන්දු සහ පුහුණු අංශප්‍රධානි අනුර උඩවත්ත සහ පුහුණු අංශ කළමනාකාර සංජේ සේනාසිංහ සහ නුවන් කුමාර යන අය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සේවකයින්ගේ සහ සමාගමේ ස්වෙච්ඡා අරමුදල් දායකත්වයෙන් ගොඩනංවනු ලැබු මෙහෙවර ආයතනික සමාජ වගකිම් ප්‍රවේශය විවිධ ප්‍රජා සුබසාධන වැඩසටහන් සිදු කරමින් සරණක් අවැසි පුද්ගලයින් වෙත සිය දායකත්වය නොපැකිළව ලබා දීමට කටයුතු කර ඇත.

Comments