DIMO 2022 දින දර්ශනය එළිදක්වයි | සිළුමිණ

DIMO 2022 දින දර්ශනය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ශ්‍රී ලංකාවේ වඩාත් ඓතිහාසික සහ වැදගත් ජයග්‍රහණ කිහිපයක් නිරූපණය කරන 2022 ආයතනික දින දර්ශනය හඳුන්වා දෙන ලදී. DIMO 2022 ආයතනික දින දර්ශනය ශ්‍රී ලංකාවේ පැරණි කීර්තිමත් අවස්ථා කිහිපයක රූපමය ප්‍රතිනිර්මාණයක් වන අතරම ශ්‍රී ලංකාවේ ජවසම්පන්න අතීතය ද මෙමගින් පිළිබිඹු වේ.

DIMO 2022 ආයතනික දින දර්ශනය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ ප්‍රකාශ කළේ, “අපේ ජාතියේ බොහෝ ඓතිහාසික සහ වැදගත් ජයග්‍රහණ පිළිබඳව රටේ ඉදිරි පරම්පරාව දැනුවත් කිරීම අපගේ පරම වගකීමක් බව DIMO විශ්වාස කරනවා. මෙම ඓතිහාසික සිදුවීම් මහජනතාවට හඳුන්වා දීමටත්, මෙමගින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”

Comments