සුළු හා මධ්‍ය ව්‍යාපාරවලට සෙලාන් බැංකු­වෙන් වෙබ් සම්ම­න්ත්‍ර­ණ­යක් | Page 2 | සිළුමිණ

සුළු හා මධ්‍ය ව්‍යාපාරවලට සෙලාන් බැංකු­වෙන් වෙබ් සම්ම­න්ත්‍ර­ණ­යක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරි­මාණ ව්‍යාපාර වෙනු­වෙන් නොමිලේ වෙබ් සම්ම­න්ත්‍රණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩ­ලය හා එහි සුළු හා මධ්‍යම පරි­මාණ ව්‍යාපා­රද මෙම සම්ම­න්ත්‍ර­ණය සමඟ එක් වීමට නිය­මි­තය. අප­න­ය­න­යට අදාළ step-by-step functionality (පිය­ව­රෙන් පිය­වර ක්‍රියා­කා­රි­ත්වය) පිළි­බඳ මෙම සම්ම­න්ත්‍ර­ණ­යේදී සාකච්ඡා කිරී­මට නිය­මි­තය. 2022 ජන­වාරි මස 23 වැනි දින ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා මෙම සම්ම­න්ත්‍ර­ණය පැවැ­ත්වෙනු ඇත.

Zoom, LinkedIn, සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේද මෙය සජී­වීව විකා­ශය කිරී­මට කට­යුතු යොදා තිබේ.
Step-by-step functionality (පිය­ව­රෙන් පිය­වර ක්‍රියා­කා­රි­ත්ව­යෙහි) හි අර­මුණ, එහි පද්ධ­තිය සහ එය ක්‍රියා­ත්ම­ක­වන ආකා­රය පිළි­බඳ දැනු­ම්වත් කිරීම මෙම සම්ම­න්ත්‍ර­ණයේ ප්‍රධාන අර­මු­ණක් වේ.
එමෙන්ම අප­න­යන මෙහෙ­යු­ම්ව­ලට අදාළ තොර­තුරු එකි­නෙක යා කර­මින් තොර­තුරු ප්‍රකා­ශ­යට පත්ක­රනා ආකා­රය කෙරෙහි ද අව­ධා­නය යොමු­කි­රී­මට නිය­මි­තය.

Comments