ඩයලොග් ආසිආටා සමාගම 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම බලගන්වයි | සිළුමිණ

ඩයලොග් ආසිආටා සමාගම 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායම බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස එම කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත. ජනවාරි මස 14 වෙනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි මස 05 වෙනිදා දක්වා ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ජනවාරි 14 වැනි දින ස්කොට්ලන්ත කණ්ඩායම සමඟත්, ජනවාරි 17 වැනි දින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟත් ජනවාරි 21 වැනි දින සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟත් තරගවැදීමට නියමිතයි. ඩයලොග් සමාගම 2013 වසරේ සිට අඛණ්ඩව වසර 8 ක් තිස්සේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත්වලට වඩාත් සමීප ක්‍රිකට් ක්‍රීඩාව බලගැන්වීමට පියවර ගෙන තිබේ.

Comments