එමිරේට්ස් සතිපතා කොළඹට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වැඩිකරයි | සිළුමිණ

එමිරේට්ස් සතිපතා කොළඹට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වැඩිකරයි

එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශ්‍රී ලංකාවට සතියකට ක්‍රියාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත.

එමිරේට්ස් විසින් අලුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වලදී ක්‍රියාත්මක කරන බව සමාගම පවසයි. මේ අනුව, EK654 එමිරේට්ස් ගුවන් ගමන පැය 10.35 ට ඩුබායි ගුවන් තොටුපළින් පිටත් වී පැය 16.25 ට කොළඹට ළඟාවනු ඇති අතර නැවත EK 655 ගුවන් ගමන් කොළඹින් පැය 22.05 ට ගමන් ආරම්භ කර පැය 01.55 ට ඩුබායි වෙත ළඟාවනු ඇත.

ශ්‍රී ලංකාව අපිට ඉතාමත් වැදගත් ගමනාන්තයක්. ලංකාවේ වෙළෙඳ සහ සංචාරක අංශ නැවතත් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට වැදගත් කාර්ය භාරයක් සිදුකිරීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කලාපීය කළමනාකරු, චන්දන ද සිල්වා පැවසීය.

Comments