‘බ්‍රා’ ගැන නොදත් ඇත්ත | සිළුමිණ

‘බ්‍රා’ ගැන නොදත් ඇත්ත

පපුව මිම්ම සහ ඉණ මිම්ම සලකා තමයි අපි බ්‍රා එකක් මිලදී ගත යුත්තේ

බ්‍රෙෂියර් එකෙහි ප්‍රධානම දේ විය යුත්තේ සෞඛ්‍යාරක්ෂිත බවයි

අනවශ්‍ය ලෙස පියයුරු තෙරපෙන ලෙස බ්‍රෙෂියර් ඇදීමෙන් වළකින්න

 

කොච්චර ලස්සන ඇඳුම් ඇන්දත් ඒවායේ ලස්සන පේන්න නම් ඔබ අඳින බ්‍රෙෂියර් එක ප්‍රමාණයට හා ඇගේ හැඩයට ගැළපිය යුතුය. ඔබ කොපමණ අලංකාරවත්ව ඇඳුම් පැලඳුම් භාවිතා කළත් ඔබට තිබෙන ප්‍රධානම ගැටලු වන්නෙ පපුවේ ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම විය හැකිය. මෙය කාටවත් පැවසීමට නොහැකි ගැටලුවක් වුවත් බොහෝ කාන්තාවන් මේ ගැටලුවෙන් මානසිකව පීඩාවට පත්වී ඇත. ඉතින් ඔබට ගැළපෙන නිවැරදි මිම්මට බ්‍රෙෂියර් එකක් තෝරා ගන්නෙ කෙසේද; බ්‍රෙෂියර් එකකින් අපි සෞඛ්‍යාරක්ෂිත වන්නෙ කෙසේද; බ්‍රෙෂියර් එකක් අපි ඇදිය යුත්තෙ ඇයි යන්න අද ඔබට පහදා දෙන්නේ බ්‍රෙෂියර් නිර්මාණකරණය පිළිබඳ මනා නිපුණතාවක් සහිත කාන්තාවක් වෙන නෙරංජලී විජයවර්ධනයි.

 

අපි බ්‍රා කප් එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ලෙස ප්‍රධාන වශයෙන් බැලිය යුත්තේ තමුන්ගේ ඇගේ මිම්මය. ප්‍රධාන වශයෙන්ම ඔබ ඔබේ

ඉණ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මක්නිසාද යත් ඉණ මිම්මට එහා ඇදුණු බ්‍රෙෂියර් එකක් ඇන්දහොත් එය කොන්දේ අමාරු වලට බෙහෙවින්ම බලපානු ලබයි. ඉනේ මිම්ම ඉක්මවා එය ඇදෙනවා යනු එය ඉහළට යයි. පසුව කොන්ද නැමීමකට ලක් වනු ලබයි. එහි අතුරු ප්‍රතිඵල ලෙස උරහිස් ආබාධ හට ගනියි. එය බෙහෙවින් බලපානු ලබන්නෙ පපුව තරමක් විශාල අයටය. සාමාන්‍යයෙන් පපුවේ තරම 34 සයිස් එක ඉක්මවා ගිය අයට ගැළපෙන්නෙ බ්‍රෙෂියර් සයිස් 32 ය‍ෙ. බ්‍රෙෂියර් සයිස් 36 යනු 34 ය.එය සම්මතයකි. අපිට කාන්තාවකට දළ වශයෙන් පැවසිය හැක්කේ කාන්තාවකගෙ පපුව 32නම් ඇය මිලදී ගත යුතු බ්‍රා සයිස් එක 30 බවය. පසුව වැදගත් කරුණ නම් පපුව මිම්ම සහ ඉණ මිම්ම සලකා තමයි අපි බ්‍රා එකක් මිලදී ගත යුත්තේ. මෙය අනිවාර්යෙන් කාන්තාවන් දැනුම්වත් විය යුතුම දෙයකි. අද විවිධ වෙ‍ෙළඳ සමාගම් පහත් වෙ‍ෙළඳුන්, බාල නිෂ්පාදන මගින් බ්‍රෙෂියර් එක බොහොම බාල තත්ත්වයට පත්කර තිබේ. අනෙක් කරුණ නම් බ්‍රෙෂියර් එකක් මිලදී ගන්නා විට එහි ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එය නිමැවුමට යොදා ගත් බඩු ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.ඒ යොදා ගන්නා බඩු හොඳ සනීප ඒවා විය යුතුය. මොකද බ්‍රෙෂියර් එකක් මිලදී ගත්පසු අද ඇද හෙට ඉවත් කිරීමට නොහැකිය. අඩුම එය වසර පහක් වත් පාවිච්චි කළ යුතුය. බ්‍රෙෂියර් එකෙහි ප්‍රධානම දේ විය යුත්තේ සෞඛ්‍යාරක්ෂිත බවය.

අපි බ්‍රෙෂියර් එකක් ඇදීමෙන් තමන්ට බ්‍රෙෂියර් එකක් ඇන්දා යනුවෙන් කිසිම පීඩාකාරී තත්ත්වයක් ඇති නොවිය යුතුය. සමහරු බ්‍රෙෂියර් එකක් ඇන්ද පසු උදේ සිට බලා සිටින්නේ එය හවසට ගලවන තුරුය. බ්‍රෙෂියර් එකක් ඇන්ද පසු හරිම පහසු බවක් දැනිය යුතුය. බොහෝවිට වෙද මහතුන් පවා මම ළඟට කාන්තාවන් එවනවා කම්පියුටර් එක දිහාම බලාගෙන දවසම රාජකාරී කරන අය. ඔවුන් දවසම සිටින්නේ වේදනාවෙන්. ඒ වේදනාවට හේතුව නිවැරදි අයුරින් බ්‍රෙෂියර් එකක් තෝරා නොගැනීමයි. නමුත් ඒ වගේ අයගෙ වේදනාව නැතිවෙන්න ආකාරයේ බ්‍රෙෂියර් මම ළඟ තිබෙනවා. එය අලුත් දෙයක් නොවෙයි. ඇයගේ නිවැරදි මිම්මට බ්‍රෙෂියර් එකක් මැසීම තමයි කළ යුත්තේ. සෞඛ්‍යාරක්ෂිත බව කියන්නෙ බ්‍රෙෂියර් එක ඇන්දහම තමුන්ට පහසු වෙන්න ඕනේ සහ භාවිතා කරන කිසිදු අමුද්‍රව්‍ය වලින් කිසිම අපහසුවක් ශරීරයට දැනෙන්නට බැහැ. අනෙක් කරුණ නම් අනවශ්‍ය ලෙස පියයුරු තෙරපෙන ලෙස බ්‍රෙෂියර් ඇදීමෙන් වළකින්න. එවිට තමයි පියයුරු පිළිකා වැනි ආසාදන තත්ත්වයන් ඇතිවනු ලබන්නෙ. තවද හමේ රෝග තිබෙන අය, අනවශ්‍ය ලෙස ඇවිත් තිබෙන මස්පිඩු පාලනය වෙන්න අවශ්‍යයි බ්‍රෙෂියර් එක ඇඳීමෙන්. අනෙක් අවශ්‍යම කරුණ නම් බ්‍රෙෂියර් එක ඇදීමෙන් පසු පපුවේ අනවශ්‍ය ලෙස වර්ධනය නැවතිය යුතුයි. ඇදෙන අමුද්‍රව්‍යවලින් බ්‍රෙෂියර් මැසීම සියයට සියයක් සාර්ථක නැත. ඇදීමට අවශ්‍යයි යම්කිසි සීමාවක් තුළ. ශරීරය පාලනය විය යුතු බ්‍රෙෂියර් එකක් තමයි අපි අනිවාර්යෙන්ම ඇඳිය යුතු වන්නෙ.

වෙ‍ෙළඳපළේ නිෂ්පාදනය කරන බ්‍රෙෂියර් වර්ග මිලදී ගැනීමේදී ඔබ බොහොමයක් සැලකිලිමත් වන්න. වෙ‍ෙළඳ නාම හොඳ වුවත් බ්‍රෙෂියර් තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න. බොහොමයක් මගෙ ළඟට එනවා ලොව පුරාම සැරි සැරූ කාන්තාවන්. ඔවුන් පුදුම වෙනවා මගේ නිෂ්පාදන දැකලා.වෛද්‍යවරියන් පවා මම ළඟට පැමිණෙනවා.මම ඔවුන් වෙනුවෙන් ඔවුන්ට සුදුසු නිෂ්පාදනයන් කරලා දීලා තමයි නැවත පිටත් කරන්නෙ. කොයි දේවත් හොඳයි කියලා මම නිර්දේශ කරන්නෙ නැහැ. මම ඔබට කියන්නෙ තමුන්ගෙ මැෂිමන්ට් එකට සුදුසු බ්‍රෙෂියර් එකක් තෝරා ගන්න. විශේෂයෙන්ම බ්‍රෙෂියර් එකක් තෝරා ගැනීමේදී නොඇදෙන ඒවා තෝරා ගන්න.

 

බ්‍රෙෂියර් එකක් ඇදීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ලෙස,

එම බ්‍රෙෂියර් එක ඇදීමෙන් ශරීරයට හැඩයක් පැමිණිය යුතුය.

අනවශ්‍ය මස්පිඬු තිබෙනවා නම් ඒවා පාලනය විය යුතුය.

තමුන්ගේ පියයුරු විශාලයි නම් ඒවා කුඩා කර පෙන්විය හැකි හැකියාවක් එම බ්‍රෙෂියර් එකට තිබිය යුතුය.

ඔබගෙ බඩ විශාලයි නම් බඩත් එක්කම ඔබට බ්‍රෙෂියර් එකක් මසා නිමකළ ගැනීමේ හැකියාවද ඇත.

කිරිදෙන මව්වරුන්ට ඔවුන්ටම ආවේණික බ්‍රෙෂියර් ඇත. කිරිදෙන මවුවරුන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.

අනෙක් ප්‍රධානම දේ පියයුරු සැත්කම් වලට භාජනය වුණු අය සඳහා මම බ්‍රෙෂියර් නිෂ්පාදනය කරනු ලබනවා.

Comments