ලක්ෂ 49කට බූස්ටර් එන්නත | සිළුමිණ

ලක්ෂ 49කට බූස්ටර් එන්නත

කුත් 20 වැනිදා වන විට පුද්ගලයන් 48,61,472ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබේ. දෛනිකව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුන ඉක්මවා ඇති සියලු දෙනා කඩිනමින් බූස්ටර් එන්නත ලබාගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කරන සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමෙන් අසාධ්‍ය වීම හා මියයෑමේ සම්භාවිතාව සාපේක්ෂව අඩු වුවත් එය පැතිර යෑම වේගවත් බැවින් හැකි ඉක්මනින් බූස්ටර් එන්නත  ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමෙන් රෝහල් ධාරිතාව මෙන්ම රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතය ද ඉහළ යා හැකි බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ ඇඳන් 14,599 න් ඇඳන් 4,790 ක රෝගීන් ප්‍රතිකාර ලබන බව ද සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ආසාදිත දරුවන්ගේ සහ ගර්භනී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

Comments