
කොළඹ, මරදාන ශ්‍රී මහින්දාරාමය, ඉහළ පුලියන්කුලම,ශ්‍රී මහින්දාරාමය හා ගාල්ල,දඹුල්ල මහ මුදලින්දාරාමය යන විහාර ත්‍රිත්වයේ විහාරාධිපති සුමනජෝති වංශාලංකාර ශාසන ශෝභන ධර්මකීර්ති විනයාචාර්ය බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සුධර්මාකාරක සංඝ සභික මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන්වහන්සේ අපවත් වූහ.
කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය ඇතුළු අවට පාසල් රැසක ආගමික කටයුතුවලට නොමද සහයක් ලබා දුන් උන්වහන්සේ කොළඹ ගෝතමි බාලිකා විදුහල මඟින් පවත්වන ලද කඨින පිංකම්, පෙර පෝය, පසු පෝය මෙන්ම වාර්ෂික පිරිත් පිංකම් සඳහාද කැපවීමෙන් දායකත්වය ලබා දී ඇත.